තවත්
    මුල් පිටුවදේශීය පුවත්නෙත්මිකා ආසියානු රිදී පදක්කමක් දිනාගනී

    නෙත්මිකා ආසියානු රිදී පදක්කමක් දිනාගනී

    ඩුබායි හි පැවැත්වෙන ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවයේ දී කාන්තා තුන්පිම්ම ඉසව්වෙන් මීටර් 13.01ක පුද්ගලික හොඳම දක්ශතාවය සමග රිදී පදක්කම දිනා ගැනීමට නෙත්මිකා මදුශානී හේරත් සමත් වූවාය.

    මොනරාගල බිබිල නන්නපුරාව මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන නෙත්මිකාගේ පුහුණුකරු වන්නේ ක්‍රිශාන්ත කුමාර මහතාය.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාවද වන නෙත්මිකා අද දිනයේ දී දුර පැනීමේ ඉසව්වට තරගවැදීමට නියමිතය.

    මෙම තරගයේ දී රන් පදක්කම දිනාගත් -උස්බෙකිස්තාන ක්‍රීඩිකාව 13.33m ද,
    ලෝකඩ පදක්කම දිනාගත් කොරියානු ක්‍රීඩිකාව 12.67m දක්ෂතාවක් වාර්තා කළහ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img