තවත්
    මුල් පිටුවදේශීය පුවත්සැමියා විසින් තමාව දූෂණයකළ බවට බිරිඳකගෙන් පොලීසියට පැමිණිල්ලක්

    සැමියා විසින් තමාව දූෂණයකළ බවට බිරිඳකගෙන් පොලීසියට පැමිණිල්ලක්

    සිය සැමියා විසින් තමාව දූෂණය කළ බවට අරලගංවිල පදිංචි 27 හැවිරිදි බිරිඳක් සිය සැමියාට එරෙහිව පැමිණිල්ලක් පොලීසියට ඉදිරිපත්කර ඇත.

    ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් අනතුරුව පොලීසිය ඇගේ සැමියාව අත්අඩංගුවට ගෙන ඇත්තේ සිය බිරිඳව බලහත්කාරයෙන් දූෂණය කිරීමේ චෝදනාව මතය.

    පොලීසිය පවසන්නේ සැමියාද 27 හැවිරිදි අයෙක් බවය. සිය බිරිඳගේ කැමැත්ත නොමැතිව බලහත්කාරයෙන් බිරිඳ සමඟ එක්වීම නීතිය හමුවේ සැළකෙන්නේ වරදක් ලෙස බව පොලීසිය කියයි. ඒ අනුව අත්අඩංගුවටගත් සැමියා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img