Home දේශීය පුවත් අයිස් ගහන්න පුරුදු වූ කටාන පොලීසියේ කොස්පතාල් අයිස් අරන් යනකොට සී.සී.ඩී.යට කොටු

අයිස් ගහන්න පුරුදු වූ කටාන පොලීසියේ කොස්පතාල් අයිස් අරන් යනකොට සී.සී.ඩී.යට කොටු

0
අයිස් ගහන්න පුරුදු වූ කටාන පොලීසියේ කොස්පතාල් අයිස් අරන් යනකොට සී.සී.ඩී.යට කොටු

අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට දැඩිව ඇබ්බැහිවී සිටින සීදූව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මිලිග්‍රෑම් 800ක් සමඟ බ්ලූමැන්ඩල් හී පිහිටි සුපිරි වෙළඳ සැලක් අසලදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නිලධාරියා ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් බවත් සීදූව පොලිස් ස්ථානයට පසුගිය 04 වෙනිදා කටාන පොලිස් ස්ථානයේ සිට ස්ථාන මාරුවීමක් ලැබ ඇති අයෙක් බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය.

එම ස්ථාන මාරුවීමට අදාලව සීදූව පොලිස් ස්ථානයට පැමිණ වැඩ භාරගෙන නොමැති මෙම නිලධාරියා අයිස් මත්ද්‍රව්‍ය බෙදා හරිමින් සහ පානය කරමින් සිට ඇති බවට සැකකරන බවද පොලීසිය කියයි.

මෙම නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇත්තේ 19 වෙනිදා සවස් කාලයේදීය. විමර්ශන කටයුතු සඳහා ඔහුව දෙමටගොඩ පොලිස් ස්ථානයට භාරදී තිබේ. මෙම නිලධාරියා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පවත්වා තිබේදැයි දැන ගැනීමට ඔහුගේ ජංගම දුරකථන පරීක්ෂාකරන බව ද පොලීසිය කියයි.

මෙම නිලධාරියා විසින් සිදු කළ මෙම විෂමාචාර ක්‍රියාව හේතුවෙන ඊයේ සිට ඔහුගේ වැඩ තහනම් කිරීමට මීගමුව සහකාර පොලිස් අධිකාරී 11 විසින් පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here