තවත්
    මුල් පිටුවදේශීය පුවත්14 වැනි බෙයිජිං ජාත්‍යන්තර චිත්‍රපට උළෙල ඇරඹේ

    14 වැනි බෙයිජිං ජාත්‍යන්තර චිත්‍රපට උළෙල ඇරඹේ

    14 වැනි බෙයිජිං ජාත්‍යන්තර චිත්‍රපට උළෙල බෙයිජිං නුවර යැංචි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී ආරම්භ වෙයි.

    චීන ජාතික චිත්‍රපට පරිපාලනයේ මෙහෙයවීම යටතේ චීන මාධ්‍ය සමූහය සහ බෙයිජිං නාගරික රජය ඒකාබද්ධව සංවිධාන කරන එම උළෙල 18 වැනිදා ඇරඹිණ.

    චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ශෙන් හයිශොං මහතා එම උළෙලට සහභාගි විය. සංස්කෘතියට අධ්‍යාත්මය සම්බන්ධ කළ හැකි බවත්, කලාවට ලෝකය සම්බන්ධ කළ හැකි බවත් චීන ජනාධිපති ‍ෂී ජින් පිං මහතා පෙන්වා දී ඇතැයි ඔහු එහිදී කියාසිටියේය. ගෙවී ගිය වසර 14 ක කාලය තුළ මෙම සිනමා උළෙලේ ජාත්‍යන්තර බලපෑම වඩාත් වර්ධනය වෙමින් පවතින බව ද හෙතෙම පැවසීය.

    දෙස් විදෙස් සිනමාකරුවන් රැස්ව චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය පිළිබඳ සාකච්ඡා පැවැත්වීම සහ සංස්කෘතික හුවමාරු තර කිරීම මෙවරත් බෙයිජිං ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ අරමුණයි. මෙවර උළෙල සඳහා ලියාපදිංචි වී ඇති චිත්‍රපට සංඛ්‍යාව 4,273 කි. ඒ අතර ප්‍රධාන තරග අංශය වන "ටියැන්ටන් සම්මානය" සඳහා චිත්‍රපට 1509 ක් ලියාපදිංචි වී තිබීම කැපීපෙනේ.

    මෙහි සමාප්ති උළෙල ලබන 26 වැනිදා පැවැත්වෙයි. "ටියැන්ටන්" සම්මානලාභියා එහිදී ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img