තවත්
    මුල් පිටුවදේශීය පුවත්අත ගැන තීන්දුවක් නෑ - මැකො

    අත ගැන තීන්දුවක් නෑ – මැකො

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ, එම පක්ෂයේ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කරන බවයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපිරිසක් විසින් මේ වනවිට තමා වෙත යොමු කර ඇති සියලු ලිපිලේඛන කොමිසම හමුවට ඉදිරිපත් කරන බවත් එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා පවසයි.

    ශ්‍ර‍ී ලංකා නිදහස් පක්ෂයේ පසුගිය දිනවල සිදුකළ පත් කිර‍ීම්වලට එරෙහිව එහි වැඩබලන මහ ලේකම්වරයා මැතිවරණ කොමිසම හමුවේ සිය විරෝධතා ඉදිරිපත් කර තිබුණි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දුෂ්මන්ත මිත්‍රපාල මහතා සඳහන් කළේ, පක්ෂ ව්‍යවස්ථාවට අනුව සියලු කටයුතු සිදුවිය යුතු බවට මැතිවරණ කොමිසමට දැනුම් දුන් බවයි.

    මේ අතර, පසුගියදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලයේදී ගත් නව තීන්දු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිසක් ජාතික මැතිවරණ කොමිසම හමුවේ කරුණු වාර්තා කර තිබේ.

    ඒ දේශපාලන මණ්ඩල රැස්වීමේදී කරන ලද නව පත්කිරීම් සහ ඊට අදාළව කරුණු දක්වමින් ය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කළ බවයි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img