තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්‍මොරටුව නගරාධිපතිගේ එන්නත් නාඩගම ජනපතිගේ අප්‍රසාදයට

    ‍මොරටුව නගරාධිපතිගේ එන්නත් නාඩගම ජනපතිගේ අප්‍රසාදයට

    එන්නත්කරණ වැඩසටහනක් අතරතුර සෞඛ්‍ය අංශ සහ රජය ඒකාබද්ධව විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රමවේදය වෙනස් කිරීමට උත්සහ කරමින් මොරටුව නගරාධිපතිවරයා අර්බුදයක් මතුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අප්‍රසාදය පළකර තිබේ.

    එවැනි සිදුවීම් යළිත් සිදුනොවිය යුතු බව අද (28) පෙරවරුවේ රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ ය.

    කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට ප්‍රදේශ තෝරාගෙන ඇත්තේ සෞඛ්‍ය අංශ සහ ඊට අදාළ සෙසු අංශවල දත්ත උපයෝගී කරගෙන විද්‍යානුකූල පදනමක් යටතේ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිහිපත් කළේය.

    “එන්නත් කිරීමට අපි තැන් තෝරගත්තේ විද්‍යානුකූලව. දිස්ත්‍රික්කවලත් මේක අවශ්‍යම ප්‍රදේශ හොයලා බලලා අවශ්‍ය දත්ත එකතු කරලානේ මේ ක්‍රමය හැදුවේ. එහෙම කරලත් අර ඊයේ කැත දර්ශනයක් නේ. මුළු වැඩසටහනම විනාශ වෙලා ගියා. ඒවගේ ඒවා වෙන්න දෙන්න එපා. හැමතැනම හොඳට වුණා. එක තැනක එහෙම කළාම. ඒක තමයි මාධ්‍යවල යන්නේ” යනුවෙන් ජනාධිපතිවරයා එහිදී කියාසිටියේ ය.

    මොරටුවේදී ඊයේ පැවැති එන්නත්කරණ වැඩසටහන අතරතුර මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා විසින් යොමු කරනු ලැබූ පිරිසකට එන්නත් ලබාදීමට ඔහු විසින් වෛද්‍යවරුන්ට බලපෑම් කිරීමේදී ඇතිවූ උණුසුම් තත්ත්වය සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනයට ලක්ව තිබුණි.

    නගරාධිපතිවරයා එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img