තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවුරුදු ගීතයක් විකෘති කොට සමාජ මාධ්‍යයට මුදාහැරි අය ගැන පරීක්ෂණයක්

    අවුරුදු ගීතයක් විකෘති කොට සමාජ මාධ්‍යයට මුදාහැරි අය ගැන පරීක්ෂණයක්

    සිංහල අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    වෙනත් වචන ආදේශ කරමින් එලෙස විකෘති කර ඇත්තේ, 2014 වසරේදී ස්වාධීන රූපවාහිනිය විසින් පවත්වන ලද අවුරුදු උළෙල වෙනුවෙන් සැකසූ තේමා ගීතයකි.

    සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.

    විකෘති කරන ලද ගීතය සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයින් පිළිබඳව සොයාබලා වාර්තාවක් දෙන්නැයි, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් දුන් බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කළේ ය.

    ඒ අනුව අදාළ ගීතය විකෘති කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව, සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා කීය.

    ඉහත පැවසෙන පරිදි විකෘති කර තිබුණේ රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කර, සහන් රන්වල මහතාගේ තනු නිර්මාණයෙන්, ගීත් තරංග මහතාගේ ගී පද රචනයෙන් මෙන්ම සදීප්ත ගුණවර්ධන මහතාගේ සංගීත සංයෝජනයෙන් රන්වළ බළකායේ දායකත්වයෙන් නිර්මාණය වූ ‘තුන් හෙළේ හැඩ’ ගීතයයි.

    ‘තුන් හෙළේ හැඩ..’ මුල් ගීතය පහතින් දැක්වේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img