Home උණුසුම් පුවත් හදිසියකට අරන් ගිහින් බයික් එක ආපසු නොදුන් පොලිස් කොස්තාපල්ට වූ දේ..

හදිසියකට අරන් ගිහින් බයික් එක ආපසු නොදුන් පොලිස් කොස්තාපල්ට වූ දේ..

0
හදිසියකට අරන් ගිහින් බයික් එක ආපසු නොදුන් පොලිස් කොස්තාපල්ට වූ දේ..
Back shot of man riding sport motorbike taking a curve surrounded by nature at mountain

කටුගස්තොට සියඹලගස්කොටුවේ පදිංචි පුද්ගලයෙකුගෙන් ඔහුට අයත් යතුරුපැදිය හදිසියකට යැයි කියා රැගෙන ගොස් නැවත ලබානොදුන් වැඩතහනමට ලක්ව සිටින පොලිස් කොස්තාපල්වරයෙකුව කටුගස්තොට පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

යතුරුපැදි හිමිකරු විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම යතුරුපැදිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කිරීමත් සමග එය මහයියාව ප්‍රදේශයේ දමාගොස් තිබියදී පසුගිය 10 වෙනිදා සොයාගෙන ඇත.

මෙම පොලිස් නිලධාරියා වැඩ තහනමට ලක්ව ඇත්තේ පාදුක්ක පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටිියදී 2020 වසරේ මැයි 28 වෙනිදාය. ඒ අපරාධමය චෝදනාවක් සම්බන්ධයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here