Home උණුසුම් පුවත් පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසල මළ සිරුරක්

පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසල මළ සිරුරක්

0
පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසල මළ සිරුරක්

උතුරු දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ තිබී පිරිමි මළ සිරුරක් පොල්ගහවෙල පොලීසියට හමුවී ඇත.

මෙම මළ සිරුර දුම්රියේ ගැටුණු පුද්ගලයෙකුගේ බව පොලීසිය කියයි. එම පුද්ගලයා දුම්රියක ගමන්කරමින් සිටියදී ඇද වැටුණු අයෙක් නොවන බවත් ඔහු දුම්රියට උවමනාවෙන්ම ගැටී ඇති අයෙක් බව පෙනී යන බවත් පොලීසිය කියයි.

මුහුණ හදුනා ගැනීමට නොහැකි වන ලෙස හානි සිදුව ඇති බවත් කඳින් හිස වෙන්ම ඇති බවත් පොලීසිය කියයි.

මිය ගොස් සිටින පුද්ගලයා හඳුනා ගැනීමට විමර්ශන පැවැත්වෙන බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here