තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පුණ්‍ය කාලයේ පන්සල් -කෝවිල් යද්දී වහින්න පුළුවන්

    පුණ්‍ය කාලයේ පන්සල් -කෝවිල් යද්දී වහින්න පුළුවන්

    සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවන අද දිනයේත් පස්වරුවේ වැසි සහිත කාලගුණයක් අතරතුර පුණ්‍ය කාලය යෙදෙන බවට, නවතම කාලගුණ අනාවැකියෙන් පෙනී යයි.

    හෙට දිනට ද අදාළ වන පරිදි අද(13) දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලද අනාවැකියෙන් ප්‍රකාශ කර ඇත්තේ බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

    බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැක.

    බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට දින (14) දහවල් 12:10 ට නයිනතිව්, පුන්කුඩුතිව්, මණ්ඩයිතිව්, මනල්කාඩු සහ උඩුතුරෙයි යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img