fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සජිත්ගෙන් හලාවත අගරදගුරු හිමිට පොරොන්දුවක්

    පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සජිත්ගෙන් හලාවත අගරදගුරු හිමිට පොරොන්දුවක්

    සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ අදියර 3ක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හලාවත ප්‍රදේශයේ පාසල් කිහිපයක් වෙත ගිය ගමනේ දී හලාවත අගරදගුරු ආචාර්ය විමලසිරි ජයසුන්දර හිමිපානන් ඇතුළු හලාවත ප්‍රදේශයේ කතෝලික දේවගැතිවරුන් පිරිසක් හමුවිය. ඒ හලාවත අගරදගුරු හිමියන්ගේ නිල නිවසේදීය.

    එහි දී වර්තමානයේ රටේ ඇති තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හලාවත අගරදගුරු ආචාර්ය විමලසිරි ජයසුන්දර හිමිපානන් අතර අදහස් හුවමාරු විය.

    එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හලාවත අගරදගුරු හිමිපාණන් හමුවේ පොරොන්දු වූයේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් කතෝලික ජනතාව ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට යුක්තිය ඉටු කිරීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ අපක්ෂපාතී ස්වාධීන පරීක්ෂණයක් පවත්වා රටේ නීතිය අනුව ඊට වගකිවයුතු සියලු පාර්ශ්වයන්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දෙන බව යි.

    එසේ ම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා දේශීය මෙන් ම විදේශීය ආරක්ෂක අංශ ඇතුළු පාර්ශ්වයන්ගේ සහයෝගය ලබා ගෙන වඩාත් විනිවිධභාවයෙන් යුත් සාධාරණ පරීක්ෂණයක් පවත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් මෙහි දී අවධාරණය කළේය.

    එහිදී හලාවත අගරදගුරු ආචාර්ය විමලසිරි ජයසුන්දර හිමිපාණන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉදිරි දේශපාලන කටයුතු මෙන්ම සමාජ මෙහෙවර සර්වප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට ආශිර්වාද කිරීමද සිදුවිය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.