තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවුරුදු අරන් හමුදාපති රණක්ෂිතයට පත් රණවිරුවන් බලන්න යයි

    අවුරුදු අරන් හමුදාපති රණක්ෂිතයට පත් රණවිරුවන් බලන්න යයි

    සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන්, මාතෘභූමියේ ඒකීයභාවය උදෙසා සිදුකරනු ලැබූ මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත්ව නේවාසිකව ප්‍රතිකාර ලබන හා පුනරුත්ථාපන කටයුතුවල නිරතව සිටින වීරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ පාංගොල්ල පිහිටි අබිමංසල III රණවිරු සුවතා මධ්‍යස්ථානයට පැමිණියේය.

    යුද්ධ හමුදාධිපතිවරයා එහිදී නිලධාරීන් සහ සෙසුනිලයින් සමඟින් නේවාසිකව ප්‍රතිකාර ගනුලබන රණවිරුවන්ගේ වාට්ටු වෙත ගොස් ඔවුන්ගේ සුවදුක් විමසා ඔවුන් වෙත විශේෂ අලුත් අවුරුදු ත්‍යාග පාර්සල් ද ප්‍රදානය කරන ලදී.

    ඊට සමගාමීව යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දිවයින පුරා පිහිටි සියලුම රණවිරු සුවතා කේන්ද්‍රයන්හි ප්‍රථිකාර ලබන රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක්විමසීමට එක්වුහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img