Home උණුසුම් පුවත් ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් කරන්න තවත් ගුවන්තොටුපලක්

ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් කරන්න තවත් ගුවන්තොටුපලක්

ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් කරන්න තවත් ගුවන්තොටුපලක්

ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපල නවීකරණය කිරීමට රජය තීරණය කර ඇත.

ශ්‍රි ලංකාවේ ඉපැරණි ගුවන්තොටුපලක් වන මෙය ගුවන්තොටුපල දෙවන ලෝක යුධ සමයේ එංගලන්තයේ රාජකීය ගුවන් හමුදාව වෙනුවෙන් ඉදි කරන ලදී.

එකල එය මින්නේරිය ගුවන් හමුදා මධ්‍යස්ථානය (RAF Minneriya) ලෙස හඳුන්වා ඇත.

රට මධ්‍යයේ පිහිටා ඇති මෙම ගුවන්තොටුපල රටේ ආර්ථිකයට ශක්තියක් කරගැනීමේ පරමාර්ථයෙන් යුතුව ජාත්‍යන්තර ගුවන්තොටුපලක් බවට පරිවර්තනය කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව 2024 අයවැයෙන් මෙහි මුලික ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට රුපියල් බිලියන 02 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබේ.

මෙම මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කරමින් ප්‍රථම අදියර යටතේ දැනට තිබෙන මීටර් 2287 දිගින් සහ මීටර් 46ක පලලින් යුතු ධාවන පථය මීටර් 2500ක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරනු ලබයි.

මෙම සැලසුම් සහගත ධාවන පථයේ සංවර්ධන කටයුතු නිමකිරීමෙන් අනතුරුව එයාර් බස් 320, ‍බෝයිං B737 යන මාදිලිවල ගුවන් යානා මෙහෙයුම් සිදු කිරීමට හැකිවේ.

මෙම සමස්ථ සංවර්ධන කටයතු සඳහා රුපියල් බිලියන 17 පමණ වැය වනු ඇති බවට ඇස්මනේත් කර ඇත.

සියලු ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදුකරන බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here