තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වාහන ආනයනය ගැන ආරංචි සුබයි

    වාහන ආනයනය ගැන ආරංචි සුබයි

    ලබන වසර වනවිට රටේ ආර්ථිකය යහපත් අතට හැරුණහොත් වාහන ආනයනය සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තු තබාගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    ආර්ථිකය යහපත් දිශාවට ගමන් කරමින් තිබීම මෙයට හේතුව බව රාජ්‍ය වැවිලි සංස්ථාවේ දෙමටගොඩ අලෙවිසල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් (09දා) අමාත්‍යවරයා පැවසිය.

    මේ අතර පවුල් ලක්ෂ 27 කට සහල් කිලෝ 10 බැගින් අප්‍රේල් සහ මැයි මාස සඳහා ලබාදීමේ වැඩසටහන ලබන 21 දා අරඹන බව ද හෙතෙම කියයි.

    ශ්‍රී ලංකාවේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් අඩකට වඩා මෙම සහනාධාරය හිමි වන බව ද සියඹලාපිටිය මහතා කියා සිටියේය.

    ඔහු කියා සිටියේ රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සඳහා රුපියල් බිලියන 13ක් අතිරේකව ගෙවා ඇති බවත් ඒ අනුව අප්‍රේල් මාසය සඳහා රාජ්‍ය සේවක වැටුප් සඳහා රුපියල් බිලියන 107ක් ගෙවා ඇති බවත් ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img