තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඡන්ද අපේක්ෂකයන්ගේ ඇප මුදල් සීමාව වැඩිකරයි

    ඡන්ද අපේක්ෂකයන්ගේ ඇප මුදල් සීමාව වැඩිකරයි

    ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ, පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සහ පළාත් සභා ඡන්ද විමසීම් පනතේ විධිවිධාන පරිදි දැනට පවතින ඇප තැන්පතු මුදල් සීමා ඉහළ දැමීමට රජය තීරණය කරයි.

    ඒ වත්මන් සමාජ, ආර්ථීක සහ දේශපාලන පසුබිම අනුව ඇප මුදල් සීමා යාවත්කාලීන කිරීම සුදුසු බවට හඳුනාගැනීමෙන් අනතුරුවයි.

    පහත පරිදි අදාළ ඇප තැන්පත් මුදල් සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ගරු ජනාධිපතිතුමා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    • 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතට අනුව පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් මිලියන 2.6 දක්වාත්, ස්වාධීන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් මිලියන 3.1 දක්වාත් ඉහළ නැංවීම.

    • 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන එක් අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් 11,000/- දක්වාත්, ස්වාධීන කණ්ඩායමක එක් අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් 16,000/- දක්වාත් ඉහළ නැංවීම.

    • 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනකට අනුව පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන එක් අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් 6,000/- දක්වාත්, ස්වාධීන කණ්ඩායමක එක් අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් 11,000/- දක්වාත් ඉහළ නැංවීම.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img