තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විශ්‍රාමික SDIG ගාමිණි සිල්වා අභාවප්‍රාප්ත වෙයි

    විශ්‍රාමික SDIG ගාමිණි සිල්වා අභාවප්‍රාප්ත වෙයි

    ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයෙක් වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී සිල්වා මහතා අද අලුයම් කාලයේදී අභාවප්‍රාප්ත විය.

    නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගිය බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

    දේහය මේ වන විට පුද්ගලික අවමංගල්‍ය ශාලාවක තැන්පත්කර ඇත. සවස් කාලය වන විට දේහය කඩවත සූරියපාලුව අංක 12 එච්. හී පිහිටි නිවස වෙත රැගෙන යාමට නියමිතව ඇත.

    ශ්‍රී ලංකා පොලීසියේ කීර්තිමත් නිලධාරීයෙක් වන ගාමිණි සිල්වා මහතා උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පොලීසියට එක්වූ නිලධාරියෙකි. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකයෙක් ලෙසද කලක් ගාමිණි සිල්වා මහතා සේවය කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img