Home උණුසුම් පුවත් රේගුවෙන් ඇල්ලූ ෆෝන්, ලැප්ටොප් තොගයක කවර තියෙද්දී බඩු අතුරුදන්

රේගුවෙන් ඇල්ලූ ෆෝන්, ලැප්ටොප් තොගයක කවර තියෙද්දී බඩු අතුරුදන්

0
රේගුවෙන් ඇල්ලූ ෆෝන්, ලැප්ටොප් තොගයක කවර තියෙද්දී බඩු අතුරුදන්

ඩුබායි සිට පැමිණ කටුනායක ගුවන්තොටුපළ ග්‍රීන් චැනල් හරහා පිටවීමට සූදානම් වූ ව්‍යාපාරිකයෙකු සහ සගයෙකු සතුව තිබී ගුවන්තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුතු ලැප්ටොප් පරිඝණක 25ක් සහ ජංගම දුරකථන 126ක් රේගු ගබඩාවෙන් අතුරුදහන් වීමක් සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපළ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ගුවන්තොටුපළ රේගුවේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයෙකු විසින් මේ ගැන පොලීසියට පැමිණිලිකර ඇත්තේ පෙරේදා (06)ය.

ඩුබායි සිට පසුගිය මාර්තු 22 වෙනිදා මෙරටට පැමිණි එම ව්‍යාපාරිකයා සහ ඔහුගේ සඟයා සතුව මෙම දුරකථන හා ලැප්ටොප් තිබී ඇත. මෙම භාණ්ඩ සමඟ ව්‍යාපාරිකයාත් සඟයාත් රේගු භාරයට ගෙන නීතිමය කටයුතු සිදුවන තුරු රේගුව භාරයේ සිටියදී ඔවුන් දෙදෙනා විසින් මෙම භාණ්ඩ සොරාගෙන ඇති බව කියැවෙන බව පොලීසිය කියයි. නමුත් මෙම භාණ්ඩවල ඇසුරුම් රේගු ගබඩාවේ ඇති බවත් ඇසුරුම් පමණක් රේගු ගබඩාවේ ඇති බව රේගු නිලධාරීන් දැනගෙන ඇතැයි කියනු ලබන්නේ පෙරේදා (06) දා දිනයේදී බව පවසන බවත් පොලීසිය කියයි.

මෙතරම් දුරකථන සහ ගැප්ටොප් තොගයක් මෙසේ රේගු භාරයේ තිබියදී පැන්නීමට හැකියාවක් තිබේදැයි ගැටළු සහගත බවත් ඒ සඳහා ආරක්ෂක කැමරා පරීක්ෂාවක් සිදුකරන බවත් පොලීසිය කියයි. මේ වන විට මේ ගැන රේගුවෙන් අභ්‍යන්තර පරීක්ෂණයක්ද සිදුකරන අතර ඒ සඳහා අදාල ව්‍යාපාරිකයාවද කැදවා ඇති බව කියැවේ.

මෙවැනි භාණ්ඩ හසුවූ විට ඒවා රැගෙන එන ව්‍යාපාරිකයන් රේගු බදු හෝ දඩ ගෙවා ඒවා නිදහස්කරගන්නා නමුත් මෙම භාණ්ඩ නිදහස්කර ගැනීමට එම ව්‍යාපාරිකයා උනන්දුවක් දක්වා නැති බවද මූළික විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here