Home දේශීය පුවත් ස්පා කතගේ රන්මාලය කොල්ලකෑ පොලිස් පරීක්ෂකට වූ දේ..

ස්පා කතගේ රන්මාලය කොල්ලකෑ පොලිස් පරීක්ෂකට වූ දේ..

0
ස්පා කතගේ රන්මාලය කොල්ලකෑ පොලිස් පරීක්ෂකට වූ දේ..

මීගමුව අධිකරණයේ විභාග වෙමින් පැවැති නඩුවකට පෙනී සිට ආපසු යමින් සිටී කාන්තවකට මගී බස් රථයක් තුළදී පහරදී රන් මාලයක් කොල්ලකෑ කුරුණෑගල පොලිසියට අනුයුක්තව රාජකාරියේ නියුතු උප පොලිස් පරික්ෂකවරයෙකු පෙරේදා (06) මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

මීගමුව අධිකරණයේ විභාග වෙමින් පැවැති නඩු කටයුත්තකට පැමිණ ඇති මෙම කාන්තාව එය අවසන්වීමෙන් පසුව මීගමුව බස් නැවතුම්පොළේ නවතා තිබූ බස් රථයක පසුපස අසුනේ සිට ඇත. එම අවස්ථාවේදී ඇයට පිටුපස සිටි මෙම පොලිස් පරීක්ෂකවරයා ඇයගේ ගෙල බැදි රුපියල් 320,000ක් පමණ වටිනා රන් මාලය මෙලෙස කඩා ගෙන ඇති බවට ඇය පොලිසියට පැමිණිලි කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඇති මීගමුව පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ මෙම කාන්තාව සහ සැකකරු අනියම් ඇසුරක් පවත්වන බවත්, දෙදෙනාම එදින පැමිණ ඇත්තේ මීගමුව අධිකරණයේ විභාග වන නඩු කටයුත්තකට බවය. පසුව දෙදෙනාම ආපසු යාමට මීගමුව බස් නැවතුම්පොළේ බස්රථයට ගොඩවී සිටී අවස්ථාවේ ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම සිද්ධිය සිදුව ඇති බවයි.

මෙම කාන්තාව කටුනායක ගංගාරාම පාරේ පදිංචි 38 හැවිරිදි තැනැත්තියකි.
ඇය සම්බහන මධ්‍යස්ථානයක සේවයේ නිරතව සිටින්නියක් බව පොලීසිය කියයි. එම කාන්තාව පොලිස් පරීක්ෂකවරයාට මුණ ගැසී ඇත්තේ යැයි පැවසෙන්නේ සම්බහන මධ්‍යස්ථානයකදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here