Home COVID පොහෝ දා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 1200ක් දීලා

පොහෝ දා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 1200ක් දීලා

පොහෝ දා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 1200ක් දීලා

අංජනා මල්ලවආරච්චි

කොරෝනා මර්දනය සදහා ලබා දෙන ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත එන්නතේ දෙවන මාත්‍රාව වෙසක් පුන් පොහෝ දින (26) සහ පසුදින (27) පුද්ගලයන් 1120 දෙනෙකුට ලබාදී ඇතැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශය කියයි.

කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව වෙසක් පොහෝ දින 699 දෙනෙකුට ද පසුදින 421 දෙනෙකුටද වශයෙන් ලබා දී ඇත.

ඒ අනුව කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව මේ වනවිට පුද්ගලයින් 341962 කෙනෙකුට ලබා ලබාදී තිබෙන බවද වසංගත රෝග විද්‍යා ඒකකය කියයි.

මීට අමතරව චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නතේ මාත්‍රාව පුද්ගලයන් 563499 කට ද ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 14984 දෙනෙකුට ද ලබාදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here