Home දේශීය පුවත් අගුණුකොළ බන්ධනාගාරයේ ආරක්ෂාවට සිටි STF සෙබලා ටී 56 අවියක් උස්සලා

අගුණුකොළ බන්ධනාගාරයේ ආරක්ෂාවට සිටි STF සෙබලා ටී 56 අවියක් උස්සලා

අගුණුකොළ බන්ධනාගාරයේ ආරක්ෂාවට සිටි STF සෙබලා ටී 56 අවියක් උස්සලා

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙක් 56 අවියක් සොරාගෙන සිය මිතුරෙකුට අලෙවිකර තිබියදී සොයාගෙන ඇත.

එසේ සොරාගෙන ඇත්තේද අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂාවට සිටි විශේෂ කාර්ය බලකායේ තවත් කොස්තාපල්වරයෙකුගේම ගිනි අවියකි.

දින කිහිපයකට පෙර මෙම සොරකම සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් රහසිගතව විශේෂ කාර්ය බලකායේම තවත් කණ්ඩායමක් විසින් විමර්ශනයක් පවත්වා තිබේ. ඒ අනුව ගිනි අවිය සොරාගත් කොස්තාපල්වරයාගේ මිතුරෙක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සොරාගත් ගිනි අවිය ගැන තොරතුරු හෙළිවී ඇත.

සොරාගත් ගිනි අවිය කොස්තාපල්වරයා විසින් අලෙවිකර ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here