Home උණුසුම් පුවත් දවස ගානේ දුම්රිය 30ක් පමණ අවලංගුයි

දවස ගානේ දුම්රිය 30ක් පමණ අවලංගුයි

දවස ගානේ දුම්රිය 30ක් පමණ අවලංගුයි

දුම්රිය අවලංගුවීම් මේ වනවිට දිනකට 20-30 ප්‍රමාණයක් පමණ සිදුවන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ දෛනිකව දුම්රිය ප්‍රමාදවීම් ද සිදුවෙමින් තිබෙන අතර පීලිපැනීම් ද වාර්තා වන බවයි.

දුම්රිය එන්ජින් නඩත්තුවට අවශ්‍ය පුහුණු සේවකයින්ගේ හිඟය හා අමතර කොටස් නොමැති නිසා මෙම තත්ත්වයන් හටගන්නා බව එම සංගමය කියයි.

දුම්රිය දෙපාර්තමේන්තුව තුළ සේවකයන් 20,222ක් සිටිය යුතු ය.

එහෙත් දැනට සේවය කරමින් සිටින්නේ 14,000කට ආසන්න ප්‍රමාණයක් පමණි.

දුම්රිය සේවයේ 6,000කට ආසන්න පුහුණු සේවක පුරප්පාඩු පවතින බවත් එම සංගමය ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here