තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඡන්ද 2ක් එකවර තියන්න බෑ

    ඡන්ද 2ක් එකවර තියන්න බෑ

    ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනක පැවැත්වීමට මේ අවස්ථාවේ හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම පවසයි.

    මෙරට මැතිවරණ පැවැත්වීමේ ක්‍රමවේදය අනුව එය ප්‍රායෝගික ද නොවන බව එහි ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු කීය.

    ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනක පැවැත්වීමේ සූදානමක් පවතින බවට දේශපාලන පක්ෂ නියෝජිතයින් සිදුකරන අදහස් දැක්වීම් පිළිබඳව කළ විමසීමකදී මැතිවරණ කොමිසම මේ බව පැවසුවේ ය.

    ජනාධිපතිවරණය සඳහා නිකුත් කෙරෙන්නේ මුළු දිවයිනටම එක් නිල ඡන්ද ප්‍රත්‍රිකාවක් පමණි.

    එහෙත් මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික් 22 ක සඳහා ඡන්ද පත්‍රිකා 22 ක් නිකුත් කිරීමට සිදුවන බව ඔහු පෙන්වා දෙයි.

    එමෙන්ම මැතිවරණ දෙකක් එක් අවස්ථාවක පැවැත්වීම හා එහිදි ඡන්දය ප්‍රකාශ කිරිම පිළිබඳ මෙරට ඡන්ද දායකයින්ට නිසි දැනුමක් නොමැති වීමද ප්‍රධාන ගැටලුක් බව මැතිවරණ කොමිසම පැවසුවේ ය.

    එමෙන්ම ඇතැම් දේශපාලන පක්ෂ මහ මැතිවරණය සඳහා තරග කළද ජනාධිපතිවරණයේදී ඔවුන් වෙනත් අපේක්ෂකයෙකුට සහය පල කර තරඟ නොකර සිටීම හේතුවෙන්ද යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත විය හැකියි.

    මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ මෙවැනි ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එක් දිනක පැවැත්වීමට මේ අවස්ථාවේ සිදු කළ නොහැකි බවයි.

    ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එක් දිනක පැවැත්වීම සඳහා මෙතෙක් ඉල්ලීමක් කර නොමැති බවද කොමිසම පවසයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img