තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"මමත් අවුරුදු සමරනවා හිරගෙදර" -දමිතා සහ සැමියා අත්අඩංගුවට

    “මමත් අවුරුදු සමරනවා හිරගෙදර” -දමිතා සහ සැමියා අත්අඩංගුවට

    රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා මුදල් වංචාවකට අදාළව අද(04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ අද දහවල් දමිතා සහ ඇගේ සැමියා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් අනතුරුවයි.

    අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇය මාධ්‍ය වෙත අදහස් දැක්වීමට උත්සහ ගත් අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් එය වැළැක්වූ අතර ඔවුන් සමඟ වාහනයට නැගීමට යද්දී දමිතා මහත්මිය හඬනඟා කියාසිටියේ ‘ලක්අම්මා දිනුම්.සජිත් ප්‍රේමදාස දිනනවා. අවනීතිය තමයි මේ ක්‍රියාත්මක කරන්නේ…” යනුවෙනි.

    අධිකරණයට බාරවීමට පැමිණ සිටි අවස්ථාවේදී දමිතා අබේරත්න මහත්මිය මාධ්‍ය වෙත මේ බව පැවසීය.

    “අධිකරණය තුළින් සාධාරණය යුක්තිය ඉෂ්ට වෙයි කියලා මම දැනුත් එදත් විශ්වාස කළා සහ මේ මොහොතේත් විශ්වාස කරනවා. මේ රටේ හැඟෙන්න පුළුවන් චරිතයක් නෙවෙයි දමිතා අබේරත්න කියන්නේ. දමිතා අබේරත්න හැට නම ලක්ෂයක් ඡන්ද ගත්ත ඒ කාලකන්නි ක්‍රමවේදයට විරුද්ධව අරගල කරපු ගැහැනියක්. එතනදි බය වුනෙත් නෑ මරණවා කියද්දිත් බය වුණේ නැති ගැහැණියක්. ලෝකේ ඉන්න දක්ෂතම අපරාධ විමර්ශන ඒකකය තියෙන්නේ ලංකාවේ.ඉතින් මේ මිනිස්සු කියනවා නම් මම හැංගිලා හිටියා කියලා ඒ බොරු. මගේ නීතිඥ මහත්තයත් එක්ක අධිකරණයට අද භාර වෙනවා. ඔය පොහොට්ටුවේ කට්ටිය ඉතින් සිඟිති ආතල් ගන්න. ඒ කැමැත්තෙන්. මම අධිකරණයෙන් බලාපොරොත්තු වෙච්ච දේ ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා. සුභ අලුත් අවුරුද්දක් වේවා මමත් අවුරුදු සමරනවා හිරගෙදර. ජයවේවා”

    රැකියා සඳහා පුද්ගලයන් කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට වන චෝදනා මත පරිගණක අපරාධ කොට්ඨාසය විසින් ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සහ ඇයගේ සැමියාට එරෙහිව විමර්ශන ආරම්භ කර තිබුණි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබුණේ දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා සැකකරුවන් ලෙස නම් කරන බවය.

    ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් පසුගියදා රිට් පෙත්සමක් ඉදිරිපත් කෙරුණද එය ප්‍රතික්ෂේප විය.

    ඔවුන් දෙදෙනාට විදෙස් ගතවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (03) නියෝගයක් ද නිකුත් කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img