Home දේශීය පුවත් උණුසුම් පුවත් ජගත් සාමසාධක රාජකාරියට ලෙබනන් ගිය භටපිරිස් යළි දිවයිනට

ජගත් සාමසාධක රාජකාරියට ලෙබනන් ගිය භටපිරිස් යළි දිවයිනට

ජගත් සාමසාධක රාජකාරියට ලෙබනන් ගිය භටපිරිස් යළි දිවයිනට

ලෙබනයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා පිටත්ව ගොස් සිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා 14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම සිය රාජකාරී සාර්ථකව නිමවා ඊයේ 02 (අඟහරුවාදා) නැවත දිවයිනට පැමිණ තිබේ.

2023 මාර්තු මස මෙරටින් පිටත්ව ගොස් සිටි මෙම කණ්ඩායම එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ රාජකාරී කටයුතු සිදුකරන ලදී. කර්නල් ඩි.පි.අයි.ටි කලුඅග්ගල ආර්එස්පී යුඑස්පි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අණදීම යටතේ රාජකාරි සිදුකල එම භඨපිරිසට අයත් නිලධාරින් 10 දෙනෙකු සහ සෙසුනිලයින් 115 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණි කණ්ඩායමට අයත් විය.

සාමසාධක රාජකාරී කාලසීමාව නිම කර මෙරටට පැමිණි එම භඨ කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බී.කේ.ජී.එම්.එල් රුද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.එන්.ආර් කන්නන්ගර ආර්එස්පී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු නිලධාරින් පිරිසක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණ සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here