Home උණුසුම් පුවත් කෙහෙළියට අදත් ඇප නෑ

කෙහෙළියට අදත් ඇප නෑ

කෙහෙළියට අදත් ඇප නෑ

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප ඉල්ලා ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණ අද නියෝග කර තිබේ.

තමාට ඇප නියම කරන්නැයි කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ ඇප දීමට තරම් සුවිශේෂි කරණු ඉදිරිපත් කර නොමැති බවට හේතු දක්වමිනි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් සමඟ ඖෂධ සමාගම් හිමිකරු ද රක්ෂිත බන්ධනගාරගත කර සිටී.

මොවුන් අත්අඩංගුවට ගැනුනේ මෙම සිද්ධිය පිළිබඳ විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුවේ කාමන්ත තුෂාර මහතා ඇතුළු පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපපාර්තමේන්තුව වෙත කළ පැමිණිල්ලකට අනුව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here