තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇහැලේපොළ වලව්ව, දළදා මාළිගාවට පවරයි

    ඇහැලේපොළ වලව්ව, දළදා මාළිගාවට පවරයි

    ඇහැලේපොළ වලව්ව සහ ඊට අයත් භූමිය පූජා ඔප්පුවක් මඟින් ශ්‍රී දළදා මාළිගාව වෙත පවරා දීමට රජය තීරණය කර තිබේ.

    ඇහැලේපොළ පවුල ප්‍රමුඛ කර ගනිමින් වසර සිය ගණනකට එපිට පැවති මහනුවර රාජධානියේ ශ්‍රී විභූතිය හා එම පරිසර පසුබිම නිරූපණය වන අයුරින් මෙම ගොඩනැගිල්ල තුළ ඉටි රූප කෞතුකාගාරයක් පිහිටුවීමට පියවර ගැනෙනු ඇත.

    එම ඉතිහාසය පිළිබඳ තොරතුරු වර්තමාන ජන සමාජය වෙත වඩාත් ආකර්ෂණීය අයුරින් ඉදිරිපත් කිරීමට සහ දේශීය හා විදේශීය සංචාරක ආකර්ෂණය ඇති කිරීමත් අරමුණු කර ගනිමින් ශ්‍රී දළදා මාළිගාව විසින් ඇහැලේපොළ වලව්ව ආශ්‍රිතව සකස් කළ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

    2024-02-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබ ඇති තීරණයක් පරිදි, ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාළිගාව වෙත පවරා දීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්ට දැනුම් දී තිබුණි.

    ඒ අනුව, ඉදිරිපත් කර ඇති වාර්තාව මගින් ඉහත කරුණු නිර්දේශ කර ඇත.

    එබැවින් අදාළ ගොඩනැගිල්ල ශ්‍රී දළදා මාළිගාව වෙත පවරා දීම සුදුසු බවට ද නිර්දේශ කර තිබේ.

    ඒ අනුව මෙම පැවරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img