Home උණුසුම් පුවත් ලාෆ්ස් ගෑස් මිලත් ලීට්‍රෝට සම කරයි

ලාෆ්ස් ගෑස් මිලත් ලීට්‍රෝට සම කරයි

ලාෆ්ස් ගෑස් මිලත් ලීට්‍රෝට සම කරයි

ලාෆ්ස් ගෑස් සමාගම ද අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රු. 625 කින් අඩු කරන ඇත. එහි නව මිල රු. 4,115 ක් වේ.

කිලෝග්‍රෑම් 05 සිලින්ඩරයක මිල රු. 248 කින් අඩු කර ඇත. නව මිල රු. 1,652 කි.

ගෑස් මිල අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සිය තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මෙම නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව, නව ලාෆ්ස් ගෑස් මිල පහත පරිදි වේ.
12.5kg සිලින්ඩරය – රු. 4,115 කි
5kg සිලින්ඩරයක් – රු. 1,652 කි

මේ අතර ලිට්‍රෝ ගෑස් මිල දැන් පහත පරිදි වේ.
12.5kg සිලින්ඩරය – රු. 4,115 කි
5kg සිලින්ඩරයක් – රු. 1,652 කි
2.3 kg සිලින්ඩරය – රු. 772

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here