තවත්
    මුල් පිටුවදේශීය පුවත්සංචරණ සීමා අස්සේ වෙන්නප්පුවේ ජයටම පැවති මගුල

    සංචරණ සීමා අස්සේ වෙන්නප්පුවේ ජයටම පැවති මගුල

    සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ නිවසක අද (27) ජයටම සංවිධානය කර තිබුණු විවාහ මංගල්‍ය උත්සවයක් අවසාන මොහොතේ නතර කිරීමට පොලීසිය සහ සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.

    ජා-ඇල සිටද මෙම විවහා මංගල්‍ය උත්සවයට සහභාගිවීමට පවුලේ ඥානීත් සහ මිතුරන් පැමිණ තිබීම විශේෂත්වයකි. මෙසේ ඔවුන් විවහා මංගල්‍ය උත්සවයට පැමිණ ඇත්තේ පළාත් අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මකව පැවැතියදී බස්නාහිර සිට වයඹ පළාතටය.

    සංගීතයෙන්ද අඩුවක් නොමැතිව පැවැති මෙම විවහා උත්සවය පැවැත්වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අවසර ලබාගෙන ඇත්තේ පවුලේ සමීපතතම ඥාතීන් දෙතෙුන් දෙනෙකුගේ සහාගිත්වයෙන් විවහාය ලියාපදිංචිකරන බව සදහන් කරමිනි.

    එහෙත් පෝරු ඉදිකර මනමාල යුවල මංගල ඇදුමින් සැරසී මෙම විවාහය සංවිධානය කර තිබී ඇත. මත්පැන් සාදයක්ද තිබී ඇති අතර මෙම විවාහ උත්සවය පැවැති පවුලට සම්බන්ධ පොලිස් රථවාහන අංශයක ස්ථානාධිපතිවරයෙක්ද සිවිල් ඇදුමින් සැරසී එහි සිට ඇති බවට වෙන්නප්පුව පොලීසිය හදුනා ගනු ලැබීය.

    මෙම විවහා උත්සවය සංවිධානය කළ පුද්ගලයන්ට එරෙහිව සෞඛ්‍ය අංශවල උපදෙස්වලට අනුව නිරෝධායන නීතතිය යටතේ නඩු පැවරීමට පියවර ගන්නා බව වෙන්නප්පුව පොලීසීය සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img