Home උණුසුම් පුවත් නාන්න එළියට ගත්තම කුඩු සැකකරු පලාගිහින්

නාන්න එළියට ගත්තම කුඩු සැකකරු පලාගිහින්

0
නාන්න එළියට ගත්තම කුඩු සැකකරු පලාගිහින්

මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් හෙරොයින් මිලිග්‍රෑම් 3000ක් සමඟ අත්අඩංගුවටගෙන රැදවුම් නියෝග මත රදවාගෙන සිටි සැකකරුවෙක් පූජාපිටිය පොලීසියෙන් පළාගොස් ඇත.

පූජාපිටිය බලගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 27 හැවිරිදි වියේ පසුවන පී.ඩී. ආර්. මධුසංක නැමැති පෙදරේරුවෙකු මෙසේ පළාගොස් ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

ස්නානය සඳහා ඊයේ සවස පොලිස් සිරමැදිරියෙන් පිටතට ගත් අවස්ථාවේදී මෙම පුද්ගලයා පළාගොස් ඇති බව කියැවේ.

ඒ වන විට මෙම පුද්ගලයා සිට ඇත්තේ පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ භාරයේය. ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර ඇති බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here