Home උණුසුම් පුවත් මෙරට ප්‍රථම AI චිත්‍රපටය හදන්න අනුග්‍රහය රජයෙන්

මෙරට ප්‍රථම AI චිත්‍රපටය හදන්න අනුග්‍රහය රජයෙන්

මෙරට ප්‍රථම AI චිත්‍රපටය හදන්න අනුග්‍රහය රජයෙන්

ශ්‍රී ලංකාවේ ද පළමු AI චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය අද ලෝක චිත්‍රපට කලාවට එක්වී තිබෙන බැවින් ඒ සමඟ ඉදිරියට යා යුතු බවට ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ ඊයේ (30) රාත්‍රියේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවති 20 වැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල අමතමිනි.

යල් පැන ගිය චිත්‍රපට සංස්ථාව නවීන තාක්ෂණය සමඟ පරිවර්තනයකට ලක් කරමින් එය මෙරට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය සංවර්ධන ආයතනයක් ලෙස ගොඩනඟන බව ද හෙතෙම කීය.

ඒ සමඟම කලා ශිල්පීන් සහ නිර්මාණවේදීන් නවීන තාක්ෂණ දැනුමෙන් සවිබල ගැන්වීම සඳහා විදෙස් පුහුණු අවස්ථා සලසා දෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යාමට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය කලාව ද සූදානම් කළ යුතු බව පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here