Home උණුසුම් පුවත් මහසිකුරාදා අදයි -විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

මහසිකුරාදා අදයි -විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

මහසිකුරාදා අදයි -විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දුක් ප්‍රාප්තියට පත්වීම, කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය අදට යෙදී තිබේ.

ලොව පුරා කිතුනු බැතිමත්හු අද දිනයේදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවිපිදීම සිහිපත් කරයි.

උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දින එළැඹෙන ඉරිදාට යෙදී තිබේ.

අළු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමයේ යැදුම්, උපවාස, පුණ්‍ය ක්‍රියා සිදුකරයි.

එය භක්තියෙන් මෙනෙහි කරනු ලබන කිතුනු බැතිමතුන් මහසිකුරාදා දිනය යෙදී ඇත අද දිනයේ දෙව් මැදුරුවල පැවැත්වෙන සුවිශේෂී දේව මෙහෙයන්ට එක් වෙති.

මහසිකුරාදා දිනයේ සහ පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් පැවැත්වෙන දේව මෙහෙයන්වලට සහබාගි වන බැතිමතුන්ගේ ආරක්ෂාව සලසමින් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, බුද්ධි නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් යොදවා දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here