Home උණුසුම් පුවත් රේගු පරීක්ෂකවරයෙක් CID අත්අඩංගුවට

රේගු පරීක්ෂකවරයෙක් CID අත්අඩංගුවට

0
රේගු පරීක්ෂකවරයෙක් CID අත්අඩංගුවට

රේගුව විසින් තහනම්කර තිබුණු මිනිස් පාරිභෝජනයට නුසුදුසු ෆාම් ඔයිල් කන්ටේනර් පහක් වරායෙන් පන්නා විවෘත වෙළද පොලේ අලෙවි කිරීමක් සම්බන්ධයෙන් කෙරන විමර්ශනයකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් රේගු පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම රේගු පරීක්ෂකවරයා නාවල රාජගිරියේ පදිංචිකරුවෙකි. අවුරුදු 33ක් වන මෙම රේගු පරීක්ෂකවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 26 වෙනිදා රාත්‍රී කාලයේදීය.

මලයාසියානු සමාගමක් හරහා ගෙන්වා තිබුණු එම ෆාම් ඔයිල් රේගුවෙන් නිදහස් නොකර තහනම්කර තිබියදී රේගුවෙන් නිදහස් කළ බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත්කර පන්නා ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

රේගු අධිකාරීවරුන් දෙදෙනෙක්, සහකාර රේගු අධිකාරීවරයෙක් ඇතුළු පිරිසක් මෙම විමර්ශනයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විටෙන් විට මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here