Home උණුසුම් පුවත් සෞඛ්‍ය වර්ජනය යළිත්

සෞඛ්‍ය වර්ජනය යළිත්

සෞඛ්‍ය වර්ජනය යළිත්

ලබන අඟහරුවාදා (02) උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් අද පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීමට මුදල් අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර නොගැනීමට විරෝධය පළකරමින් යළි රට පුරා රෝහල්වල වැඩ වර්ජන ආරම්භ කිරීමට මෙලෙස පියවර ‍ගෙන ඇත.

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක නියෝජිතයන් සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා අද කොළඹට කැඳවා තිබුණි.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පසුගිය 19 සහ 20 දිනවල වැඩ වර්ජනයකට සූදානම් වූ අවස්ථාවේ සෞඛ්‍ය ලේකම්වරයා විසින් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර විසඳුමක් දීමට 10ක් ඉල්ලා සිටීම නිසා සිය වාත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවීමට එම සන්ධානය කටයුතු කළේය.

එම කාලය හෙටින් (28දා) අවසන් වේ.

එබැවින් මුදල් අමාත්‍යාංශයේ අනුමැතියට යොමුකර ඇති සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කරන ලද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීමේ යෝජනාවලියට අනුමැතිය දීම තවදුරටත් ප්‍රමාද නොකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද එම සන්ධානය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here