තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ වසරේදී ආසියානු ආර්ථිකයේ 4.5%ක වර්ධනයක්

    මේ වසරේදී ආසියානු ආර්ථිකයේ 4.5%ක වර්ධනයක්

    2024 වසරේ දී සමස්ත ආසියානු ආර්ථිකය 4.5% කින් පමණ වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කෙරේ. එසේම ආසියාව 2023 වසරේ පැවති තත්ත්වය අභිභවා ගොස් ගෝලීය ආර්ථික වර්ධනයට විශාලතම දායකත්වය දක්වන්නා බවට පත්වනු ඇත.

    බෝඅඕ ආසියා සංසදයේ 2024 වාර්ෂික සමුළුවට සමගාමීව අද (26) නිකුත් කෙරුණු වාර්තාවක මේ බව දැක්වේ. සමුළුව දකුණු චීනයේ හයිනාන් පළාතේ සංචාරක නගරයක් වන බෝඅඕ හි දී පැවැත්වෙයි.
     
    ‘ආසියාවේ ආර්ථික ඉදිරිදැක්ම සහ ඒකාබද්ධ ප්‍රගතිය’ නමැති මෙම වාර්තාවට අනුව, විවිධ බාහිර ආර්ථික අභියෝගවලට මුහුණ දුන්න ද ආසියානු ආර්ථිකය තවමත් සාපේක්ෂව ඉහළ වර්ධන වේගයක් පවත්වා ගෙන යමින් සිටී. ප්‍රශස්ත පරිභෝජනය සහ ක්‍රියාශීලී මූල්‍ය ප්‍රතිපත්තිවල සහාය ද ඊට බලපා ඇත.
     
    කලාපයන් අනුව සැසඳීමේ දී, නැගෙනහිර ආසියාවේ ආර්ථික වර්ධන වේගය මෙම වසරේත් 2023 වසරේ පැවති 4.3% ක අගයට සමාන වනු ඇතැයි වාර්තාව පුරෝකථනය කරයි. එසේම, දකුණු ආසියාවේ ආර්ථික වර්ධනය පසුගිය වසරේ 5.4% ක් විය. එය මේ වසරේ 5.8% ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන කලාපය ලෙස එය තම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගනු ඇත.

    මීට අමතරව, මධ්‍යම ආසියාවේ ආර්ථික වර්ධනය මේ වසරේ සුළු පසුබෑමක් පෙන්නුම් කරනු ඇති බවත්, බටහිර ආසියාවේ ආර්ථික වර්ධනය පසුගිය වසරේ පැවති 2.5% ක අගයට වඩා 1% කින්  ඉහළ යනු ඇති බවත් පුරෝකථනය කෙරේ.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img