තවත්
    මුල් පිටුවCOVIDකොරෝනාවේ මුල සෙවූ විමර්ශන ප්‍රතිඵල ගැන අමෙරිකානු ජනපති හෙළි කළ දේ

    කොරෝනාවේ මුල සෙවූ විමර්ශන ප්‍රතිඵල ගැන අමෙරිකානු ජනපති හෙළි කළ දේ

    කොවිඩ්-19 වෛරසයේ මූලාරම්භය පිළිබද සෙවීම සදහා දීර්ඝ විමර්ශනයක නිරත වූ අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක බළකායේ බුද්ධි නිලධාරීන් විසින් මෙම වෛරසයේ හටගැන්මට හේතු වූ කරුණු දෙකක් පිළිබද සොයාගෙන තිබෙව බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් පවසයි.

    නමුත් තවමත් නිශ්චිත නිගමනයකට එළඹිය නොහැකි වූ බැවින් නිශ්චිත නිගමනයකට සමීප කරවිය හැකි තොරතුරු එක්රැස් කර විශ්ලේෂණය කිරීමට දරන උත්සාහය දෙගුණ කර, දින 90 කින් තමාට නැවත වාර්තා කරන ලෙස තම බුද්ධි බළකායට උපදෙස් දුන් බව හෙතෙම නිවේදනය කරයි.

    වාර්තාවේ අවසන් නිගමනය පිළිබද ඔහු පවසා ඇත්තේ “මෙම ප්‍රශ්නය පිළිබඳ නිශ්චිත නිගමනයකට එළඹ නැත” යන්න වාර්තාව අවසන් වශයෙන් සදහන් කර ඇති බවයි.

    අමෙරිකානු විමර්ශකයන්ට මෙම පරීක්ෂණ සදහා චීනය ඉඩ අහුරා තිබූ නමුත් මෙම පර්යේෂණය අඛණ්ඩව සිදුකිරීමට බුද්ධි නිලධාරීන්, විශේෂඥයන් සමග ක්‍රියා කෙරුණේ ජනාධිපතිවරයාගේ බලපෑම මත ය.

    COVID-19 හි මූලාරම්භයට ආසාදිත සතෙකු හෝ රසායනාගාර අනතුරකින් සිදුවූයේ ද එසේ නැතිනම් සැබෑම හේතුව කුමක්දැයි අමෙරිකානු බුද්ධි බලකායේ යාවත්කාලීන විශ්ලේෂණය පිළිබඳ වාර්තාව මේ මස මුලදී අමෙරිකානු ජනාධිපතිවරයා වෙත බාරදී තිබේ.

    ජනාධිපතිවරයා විසින් එහි පසු විපරමක් ද ඉල්ලා තිබූ බැවින් එම වාර්තාව ලද පසුව ජනාධිපතිවරයා මෙම නිවේදනය නිකුත් කර ඇත.

    වෛරසයේ මූලාරම්භය පිළිබද පූර්ණ, විනිවිද පෙනෙන, සාක්ෂි පදනම් කරගත් ජාත්‍යන්තර පරීක්ෂණයකට සහභාගී වීමට ලොව පුරා සෙසු හවුල්කරුවන් සමඟ එක්ව චීනයට බලපෑම් කිරීමට මෙන්ම ඊට අදාළ සියලු දත්ත සහ සාක්ෂි සඳහා ප්‍රවේශය ලබා ගැනීමට තවදුරටත් අපේක්ෂා කරන බව ද ජෝ බයිඩෙන් නිවේදනයේ දක්වා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img