Home උණුසුම් පුවත් රක්ෂණ වාරික පිල්ලි ගැසූ නියෝජිතයා කොටුවෙයි

රක්ෂණ වාරික පිල්ලි ගැසූ නියෝජිතයා කොටුවෙයි

0
රක්ෂණ වාරික පිල්ලි ගැසූ නියෝජිතයා කොටුවෙයි

රක්ෂණ ආයතනයක ජීවිත රක්ෂණ නියෝජිතයෙකු ලෙස කටයුතු කරමින් රක්ෂිතයන්ගෙන් එකතු කරගත් රුපියල් ලක්ෂ 58ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණීජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කලගෙඩිහේනේ පදිංචි 34 වියැති පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා සිදුකර ඇත්තේ රක්ෂිතයන්ගෙන් ලැබෙන ජීවිත රක්ෂණ වාරික මුදල් ඔහුගේ පුද්ගලික බැංකු ගිණුමකට බැර කරගෙන පුද්ගලික පරිහරණයට යොදාගෙන ගැනීමක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙසේ රක්ෂිතයන්ගේ මුදල් සිය පුද්ගලික පරිහරණයට යොදාගත් ඔහු මුදල් නොමැති ගිණුමකින් ඒ වෙනුවට චෙක්පත් ලබාදී ඇත.

මේ සම්බන්ධයෙන් අදාල රක්ෂණ සමාගම විසින් කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා රක්ෂණ නියෝජිතයා ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here