Home උණුසුම් පුවත් IMF තුන්වැනි වාරිකයත් හරි

IMF තුන්වැනි වාරිකයත් හරි

IMF තුන්වැනි වාරිකයත් හරි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනෙහි දෙවන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණ තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වය විසින් මෙම එකඟතාව අනුමත කළ පසු, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 337 ක පමණ තෙවැනි වාරික මුල්‍ය පහසුකම හිමිවේ.

ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ වැඩසටහන අත්කරගෙන ඇති ප්‍රතිඵල ප්‍රශංසනීය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතා පැවසීය.

ඒ මඟින් සාර්ථක ප්‍රගතියක් ලබමින් සිටින බවත් මාධ්‍ය හමුවක් පවත්වමින් හෙතෙම අද කියාසිටියේය.

අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාවේ උද්ධමනය පහත වැටුණු බවත්, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස සඳහන් කළහ.

මේ පිළිබඳ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිකුත් කළ නිවේදනය මෙතැනින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here