Home දේශීය පුවත් උණුසුම් පුවත් මේ වසරේ සංචාරක පැමිණීම මිලියන බාගයත් පනී

මේ වසරේ සංචාරක පැමිණීම මිලියන බාගයත් පනී

මේ වසරේ සංචාරක පැමිණීම මිලියන බාගයත් පනී

මේ වසරේ ගෙවුණු මාස දෙකහමාර තුළ මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ ප්‍රමාණය 537,887 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අකුව මේ මස 1 වැනිදා සිට 17 වැනිදා දක්වා දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ප්‍රමාණය 111,284 කු පැමිණ ඇත.

මාර්තු මාසය තුළ පැමිණි සංචාරකයින්ගෙන් බහුතරය ඉන්දීය සහ රුසියානු සංචාරකයින් වන අතර සංඛ්‍යාත්මකව එම අගයයන් පිළිවෙලින් 16,830 ක් සහ 16,548 ක් වේ.

මීට අමතරව ජර්මනියෙන් 10,546 ක්, එක්සත් රාජධානියෙන් 8,926ක්, ප්‍රංශයෙන් 7,018 ක් සහ චීනයෙන් 6,892 ක් ලෙසින් මෙම වකවානුව තුළ වැඩිවශයෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here