Home උණුසුම් පුවත් දැන් 4යි -කෝප් කමිටුවෙන් තවත් මන්ත්‍රීලා 2ක් ඉවතට

දැන් 4යි -කෝප් කමිටුවෙන් තවත් මන්ත්‍රීලා 2ක් ඉවතට

දැන් 4යි -කෝප් කමිටුවෙන් තවත් මන්ත්‍රීලා 2ක් ඉවතට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු කෝප් සභාපතිවරයකු වන චරිත හේරත් මහතා සහ සමගි ජන බලවේග මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ බව සඳහන් කරමින් මන්ත්‍රීවරයා පවසන්නේ මෙම තීරණය සම්බන්ධයෙන් තමන් නිල වශයෙන් කථානායකවරයාට යොමුකර ඇති බවය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් මීට පෙර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ඉල්ලා අස්විය.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද අද ඉල්ලා අස්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here