Home උණුසුම් පුවත් ගිනිගන්නා නෞකාවෙන් සිදුවන පරිසර හානිය අවමකර ගැනීමට ජනපතිගෙන් උපදෙස්

ගිනිගන්නා නෞකාවෙන් සිදුවන පරිසර හානිය අවමකර ගැනීමට ජනපතිගෙන් උපදෙස්

0
ගිනිගන්නා නෞකාවෙන් සිදුවන පරිසර හානිය අවමකර ගැනීමට ජනපතිගෙන් උපදෙස්

ගිනි ගැනීමට ලක්වෙමින් ඇති භාණ්ඩ ප්‍රවාහන නෞකාවෙන් සමුද්‍රීය පරිසරයට හා වෙරළ තීරයට සිදුවන හානිය අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියටත් ආරක්ෂක අංශවලටත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන සෙසු අංශවලටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (26) උපදෙස් දී තිබේ.

නෞකාව අවට මුහුදේ තෙල් පැතිරීමක් සිදුවුවහොත් පවතින කාලගුණ තත්ත්වයට මුහුණ දෙමින් එය අවම කර ගැනීමට වැඩි අවධානයක් යොමුකරන ලෙසද ජනාධිපතිවරයා එම ආයතනවලට දැනුම් දී ඇත.

එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ මෙවන් ආපදා තත්ත්වයන් කළමනාකරණ කර ගැනීමට ලොව අනෙකුත් රටවල් ගත් පියවර පිළිබද විශේෂ අවධානයක් යොමු කරන ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here