Home උණුසුම් පුවත් ඉරාන් වික්‍රමරත්න ඉල්ලා අස්වෙයි

ඉරාන් වික්‍රමරත්න ඉල්ලා අස්වෙයි

ඉරාන් වික්‍රමරත්න ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අද (මාර්තු 18) සිට ක්‍රියාත්මක වන පරිදි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවෙන් (COPE) ඉල්ලා අස්වී තිබේ.

විපක්ෂයේ මන්ත්‍රීවරයකු වන ඔහු මීට පෙර ද කෝප් කමිටුවේ කටයුතු කර ඇත.

පසුගියදා පාර්ලිමේන්තුව කල් තැබීමෙන් අනතුරුව යළි කෝප් කමිටුවේ සාමාජිකයෙකු ලෙස පත් කෙරුණි.

“රජයට මූල්‍යමය කොටස් හිමිවන රාජ්‍ය සංස්ථා සහ අනෙකුත් අර්ධ රාජ්‍ය ආයතනවල මුල්‍ය විනය පිළිපැදීම සහතික කිරීම සඳහා කෝප් කමිටුව පිහිටුවා තිබේ. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු එහි සභාපතිවරයා ලෙස පත්කිරීමෙන් ආණ්ඩුවේ විධායක හස්තය පාලනය කිරීමේ අරමුණු ඉටුකර ගැනීමට කමිටුව අපොහොසත් වන බව” ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

කෝප් සභාපතිවරයා ලෙස පසුගියදා රෝහිත අබේගුණවර්ධන මහතා පත්කිරීම විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here