Home උණුසුම් පුවත් උඩවළවේ ජලය දින 70කට විතරක් ඇති

උඩවළවේ ජලය දින 70කට විතරක් ඇති

උඩවළවේ ජලය දින 70කට විතරක් ඇති

මෙවර යල කන්නයේ වගාවන් සඳහා උඩවලව ජලාශයේ පවතින ජලය දින 70 කට පමණක්, ප්‍රමාණවත් බව මහවැලි අධිකාරිය පවසයි.

එහි නියෝජ්‍ය නේවාසික කළමණාකරු තිලක් රණසිංහ මහතා සඳහන් කළේ, මේ වන විට උඩවලව ජලාශයේ අක්කර අඩි එක්ලක්ෂ අනූඅටදහසක ජල ධාරිතාවක් පවතින බවයි.

ඒ අනුව සම්පුර්ණ යල කන්නයේ වගාව සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය අක්කර අඩි ලක්ෂ තුනක්.

එහිදී ඉතිරි ජල ප්‍රමාණය සමනල වැව ජලාශයෙන් ලබා ගැනීමට මේ වන විට කටයුතු යොදා ඇති බව, ඔහු වැඩි දුරටත් පැවසුවේ ය.

මෙවර යල කන්නයේදී උඩවලව ජලාශය යටතේ 40% ක වී වගාව සිදු කරන අතර ඉතිරි 60% ක ප්‍රමාණය අතිරේක භෝග වගා කිරීමට නියමිතයි.

ඒ අනුව යල කන්නයේදි වී වගා කෙරෙන ප්‍රමාණයේ හෙක්ටයාර 11 000 ක් .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here