තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වන්දනාවේ ගිය බසයක් අනතුරක

    වන්දනාවේ ගිය බසයක් අනතුරක

    නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳපුදා ගැනීමට පැමිණි බැතිමතුන් රැගත් බසයක් පේරාදෙණිය, කොබ්බෑකඩුව හන්දිය, යහලතැන්න ප්‍රදේශයේදී, ඊයේ (16) සවස අනතුරට ලක්වී අයකු මියගොස් 37 දෙනකු රෝහල්ගත කර තිබේ.

    බැතිමතුන් රැගත් බස් රථය නෙල්ලිගල සිට පූඩළුඔය දෙසට ගමන් කරමින් තිබියදී බසය මීටර් 15ක් පමණ බෑවුමකට ලිස්සා ගොස් ගසක ගැටීමෙන් අනතුර සිදුවූ බව සඳහන් ය.

    අනතුරින් රියදුරු ඇතුළු 38 දෙනෙකු තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමේදී එක් පුද්ගලයෙකු ලෙස මියගොස් තිබුණි.

    මෙලෙස මියගොස් ඇත්තේ, හාල්පොළ, පුඩළුඔය ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි අයෙක් බව පැවසේ.

    රියදුරු ද තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර තුවාලකරුවන් අතරින් බරපතළ තත්ත්වයේ සිටින දෙදෙනෙකු මහනුවර රෝහල වෙත මාරුකරු යවා ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img