Home උණුසුම් පුවත් නඩුව ඉවර වෙනකම් ඉන්න බෑ -කෙහෙළිය ආයෙත් ඇප ඉල්ලයි

නඩුව ඉවර වෙනකම් ඉන්න බෑ -කෙහෙළිය ආයෙත් ඇප ඉල්ලයි

නඩුව ඉවර වෙනකම් ඉන්න බෑ -කෙහෙළිය ආයෙත් ඇප ඉල්ලයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.

කෙහෙළිය ඇතුළු මෙම සිද්ධියේ සෙසු සැකකරුවන් විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නඩු විභාගය අවසන් වනතෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (14) නියෝග කර තිබුණි.

මෙම නඩුව මාර්තු 28 වනදා යළි කැඳවන බවට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු, වෛද්‍ය සැපයුම් අංශ‍යේ කිහිපදෙනකු සහ අදාළ ඖෂධය ආනයනය කළ ඖෂධ සමාගම් හිමිකරු ද රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here