Home උණුසුම් පුවත් මත් ජාවාරම් කළ හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු අත්අඩංගුවට

මත් ජාවාරම් කළ හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු අත්අඩංගුවට

මත් ජාවාරම් කළ හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු අත්අඩංගුවට

කිළිනොච්චි ප්‍රදේශයේ සිට මාතර වෙත ගංජා ගෙනවිත් විකිණිම් සිදුකරන ලද හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ යුධ හමුදා බුද්ධි අංශය හා මාතර විශේෂ පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් සමඟ ඒකාබද්ධව සිදු කල වැටලීමකදී ය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොහු සතුව කේරළ ගංජා කිලෝ 3ක් තිබී ඇත.

රුපියල් මිලියනකට අධික වටිනාකමකින් යුත් මෙම ගංජා තොගය ඉතා සූක්‍ෂමව කිළිනොච්චියේ සිට මාතර දක්වා බස් රථයකින් ප්‍රවාහනය කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ගංජා තොගය සමඟින් අත්අඩංගුවට ගත් සැකකරු හිටපු එල්ටීටීඊ සාමාජියයෙක් ලෙස හදුනාගෙන ඇති.

මොහු 2005 වර්ෂයේදී ආරක්‍ෂක අංශ අත්අඩංගුවට පත්ව වසර කිහිපයක් බන්ධනාගාරගතව සිට නිදහස ලබා ඇත.

අත්අඩංගුවට ගත් ගංජා තොගය සහ සැකකරු පිළිබද ඉදිරි විමර්ශන කටයුතු මාතර විශේෂ පොලිස් කොට්ඨාසය විසින් සිදු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here