Home උණුසුම් පුවත් නව වසර ආරම්භයේදී චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ සීඝ්‍ර වර්ධනයක්

නව වසර ආරම්භයේදී චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ සීඝ්‍ර වර්ධනයක්

නව වසර ආරම්භයේදී චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ සීඝ්‍ර වර්ධනයක්

 
මෙම වසරේ මුල් මාස දෙක තුළ චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ගමන් වාර 2,928 ක් සපුරා ඇති අතර, බහාලුම් 317,000 ක් ප්‍රවාහනය කර තිබේ. එය, පිළිවෙළින් 9% ක සහ 10% ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර ඇතැයි චීන ජාතික දුම්රිය සේවය පවසයි.
 
2024 වසරේ පෙබරවාරි මාසය අවසාන වන විට, චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය චීනයේ නගර 120 ක නැවතුම්පොළවල් පසුකරමින් යුරෝපා රටවල් 25 ක නගර 219 කට ළඟා වී ඇත.
 
මෙම දුම්රිය, ප්‍රවාහන සේවාවක් ලෙස ශක්තිමත් වර්ධනයක් පවත්වාගෙන යමින්, චීනයේ විදේශ වෙළඳාමේ ස්ථාවර හා ධනාත්මක ප්‍රවණතාවක් බවට ද පත්ව ඇතැයි චීන ජාතික දුම්රිය සේවයේ භාණ්ඩ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මීළඟ පියවරේ දී, ‘එක් තීරයක් එක් මාවතක්’ උසස් තත්ත්වයේ ඒකාබද්ධ ඉදිකිරීම් සඳහා දායක වීම කෙරෙහි චීන ජාතික දුම්රිය සේවය අවධානය යොමු කරන අතර, චීනය සහ යුරෝපය අතර වෙළෙඳාම ප්‍රවර්ධනයට මනා සහයෝගයක් අඛණ්ඩව ලබා දෙනු ඇති බව ද හෙතෙම පැවසීය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here