Home උණුසුම් පුවත් කථානායකට එරෙහි විශ්වාසභංගය ගැන විවාද කරන දවස

කථානායකට එරෙහි විශ්වාසභංගය ගැන විවාද කරන දවස

කථානායකට එරෙහි විශ්වාසභංගය ගැන විවාද කරන දවස

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව මාර්තු 19 වනදා විවාදයට ගැනීමට නියමිත බව වාර්තා වේ.

කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත.

මෙම න්‍යාය පත්‍රය නිකුත් කෙරුණේ ඉකුත් 7 වැනිදාය.

සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබුණේ ඔන්ලයින් පනත සම්මත කරගැනීමේදී කථානායකවරයා ව්‍යවස්ථාව උල්ලංගනය වන අයුරින් කටයුතු කර ඇති බවට ය.

එම විශ්වාසභංගයට විපක්ෂයේ මන්ත්‍රීවරු 44 දෙනකු අස්සන් කොට තිබුණි.

සජබය හැරුණු කොට ජවිපෙ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රීලනිපය, ඩලස් පිලද ඊට අත්සන් කොට ඇත.

විශ්වාසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයෙන් දැනුම්දීම් කර දින පහකට පසු විවාදයට ගැනීමට හැකියාව ලැබේ.

ඒ අනුව ලබන 12 වැනිදායින් පසු විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට අවස්ථාව පවතී.

පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතව ඇත්තේ ලබන 19 වැනිදාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here