Home උණුසුම් පුවත් IMF එක්ක සාකච්ඡාවට විපක්ෂයේ අඩිය ආපස්සට

IMF එක්ක සාකච්ඡාවට විපක්ෂයේ අඩිය ආපස්සට

IMF එක්ක සාකච්ඡාවට විපක්ෂයේ අඩිය ආපස්සට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජතයින් සමග හෙට (11) පැවැත්වීමට නියමිත සාකච්ඡාවට තමන්ට මේ වනවිට ආරාධනාවක් ලැබී නොමැති බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ආරාධනාවක් ලැබුණහොත් පමණක් සාකච්ඡාවට සහභාගීවන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජතයින් සමග පැවැත්වෙන සාකච්ඡාවට තමන් සහභාගී නොවන බව සමගි ජනබලවේගය පවසයි.

ජාතික ජනබලවේගය පවසන්නේ, තමන් ද සාකච්ඡාවට සහභාගී නොවන බවයි.

නමුත් සාකච්ඡාවට සහභාගි වීම සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂය පසු වන්නේ මත දෙකක යි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් එහි ඉහළ පෙළේ නියෝජිත පිරිස සමග සාකච්ඡාවකට විපක්ෂයට අවස්ථාව ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here