Home උණුසුම් පුවත් තෙල් මිල තවත් අඩුවේවි

තෙල් මිල තවත් අඩුවේවි

තෙල් මිල තවත් අඩුවේවි
Graph changes in fuel prices and refueling nozzle. Financial concept

ඉන්ධන මිල තවදුරටත් අඩු කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඉන්ධන මිල සූත්‍රය පිළිබඳව පාර්ශ්වකරුවන් කැඳවා ඔවුන්ගෙන් විමසීම් සිදුකොට මිල අඩුකිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ඔහු කියාසිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (07) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

“එක් කණ්ඩායමක් දිහා බලලා කරන දෙයක් නෙවෙයි, මිල සූත්‍රයේ වියදම් නිරූපණය වෙන්න පමණයි කරන්නේ. වැට් බද්ද එකතුවුණේ නැත්නම් ඉන්ධන ලීටරයකින් රු.50 – රු. 55ක් අඩු කරන්න පුළුවන්” යැයි ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here