Home COVID එන්නත නැතුව ග්‍රාම නිලධාරීන් වර්ජනයක

එන්නත නැතුව ග්‍රාම නිලධාරීන් වර්ජනයක

එන්නත නැතුව ග්‍රාම නිලධාරීන් වර්ජනයක

අංජනා මල්ලවආරච්චි

ග්‍රාම නිලධාරීවරුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබානොදීමට විරෝධය දැක්වීම සඳහා රට පුරා සියලුම ග්‍රාම නිලධාරීවරුන් අද සංකේත වැඩ වර්ජනයක නිරත වූහ.

සෞඛ්‍ය සේවයේ ඇතැම් වෘත්තිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට විශේෂයක් කොට කොවිඩ් එන්නත් ලබා දීමත් සමඟ ජනතාව සමග සෘජුවම සේවය කරන පිරිසක් වන ග්‍රාම නිලධාරීන්ට තවමත් එන්නත ලබාදී නැතැයි ද ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා පැවැසීය.

ඉතා ඉක්මනින් ග්‍රාම නිලධාරීවරුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබානොදුනහොත් ඉදිරියේදී අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවද කොඩිකාර මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here